• Who are we
  • Call us
  • Advertise With Us
top
FacebookTwitterPinterestInstagram
ebride.lk
ebride.lk
Sri Lankan Wedding blog

  •  
  • Wedding Fashions & Beauty tips
    • Dress Designing
    • Beauty Bride and Handsome Groom
    • Jewelry
  • Travel & Venus
    • Romantic destinations
    • Reception Halls
  • Wedding Occasion
    • Cultural and Entertainment items
    • Food Items
    • Wedding Decorations
    • Stationary for Wedding
    • Photography and Videography
  • Wedding Planning
  • Gift Items & Dowry
  • Relationship & Financial Tips
  • News, events & stories
  •  
  • Wedding Fashions & Beauty tips
    • Dress Designing
    • Beauty Bride and Handsome Groom
    • Jewelry
  • Travel & Venus
    • Romantic destinations
    • Reception Halls
  • Wedding Occasion
    • Cultural and Entertainment items
    • Food Items
    • Wedding Decorations
    • Stationary for Wedding
    • Photography and Videography
  • Wedding Planning
  • Gift Items & Dowry
  • Relationship & Financial Tips
  • News, events & stories

Share this post:

මොන මගුලක්ද මන්දා 10

” දෝණී” ශරූන්ගෙ අම්මා ලෑස්ති උනේ ලොකු කතාවකට.

 

” කියන්න අම්මා”

 

” පුතා කොහෙද”

 

” එයා රූම් එකේ අම්මා.ෆැක්ට්‍රි එකේ වැඩක්”

 

“මේකයි දෝණී දැන් බැදලා අව්රුද්දකටත් කිට්ටුයිනෙ නරකද දරුවෙක් ගැන හිතුවොත්” කටේ තිබ්බ රට ඉදි ඇටෙත් ගිලුන කියාන්කෝ ඒ කතාවට. මන් පපුවත් අල්ලගෙන පණ නැහැගෙන කැස්සා.

 

” මාෂ්” මන් යටිගිරියෙන් බෙරිහන් දුන්නෙ කැහැලා ඉවර උන ගමන්.

 

පොර දනිපනි ගාලා පඩිපෙළ බැහැන් ආවෙ මගේ කෑගැහිල්ලට.තව පොඩ්ඩෙන් පඩියකින් වැටිලා හොම්බෙන් යන්නෙ.

 

” මොකෝ බෙරිහන් දෙන්නෙ.ගෙදරට අලියෙක් කොටියෙක් ඇවිත් වගේ”
එහෙම ආවා නම් හොදයි.

 

” අම්මා අහනවා තාම බබෙක් හදන්න අදහසක් නැද්ද කියලා”

 

පොරගෙ ඇස් දොඹ ගෙඩි සයිස්.

 

” ඇ…ඇයි අම්මා මේ හදිස්සියෙම”

 

” අපිත් දැන් වයසයිනෙ පුතා.කොච්චර ආසද මැරෙන්න කලින් පරම්පරාව ගෙනියන්න මුනුපුරෙක්ගේ මූණ බලන්න”

 

” තාම අස්වි පොඩිනෙ අම්මා.විසි එක කියන්නෙ බබලා හම්බවෙන්න වයසක්ද”

 

” මට ඔයාව හම්බෙනකොට විස්සයි පුතා”

 

“ඒත් අම්මා අස්වි තාම ඉගෙන ගන්නවානේ.අනික ඉතින් මේ අම්මලාගේ කාලේ වගේ නෙවෙයි නේ අම්මා”

 

“අනේ ඔයා නම් පුතා.කරගත්තෙත් ඔයාට ඕන කසාදෙ.කැමති විදියකට ජීවත් වෙන්න.මන් ආයෙ මොකුත් කියන්නෙ නෑ” ශරූන්ගෙ අම්මා ගියේ අපිටත් ගස්සගෙන.

 

කාමරේට ගියපු මන් නියපොතුත් හප හප කල්පනා කරේ අම්මා කියපු එක ගැන. මොනා උනත් නැන්දම්මව තරහා කරගෙන පුලුවනෑ.

 

” අම්මා කියපු එක ගැනද කල්පනා කරන්නෙ.මොකෝ ඔයා කියන්නෙ.දාමුද ට්‍රයි එකක්” ශරූන් ඇහුවෙ ඇඹල හිනාවක් දාන ගමන්.

 

” ඇයි රූට රූට ට්‍රයි කරනවා මදි වෙලාද”

 

” අපි අලුත් විදියකට ට්‍රයි කරමු” තාම ඒ මූණේ හිනා ගොඩයි.

 

” අලුත් විදිකට ට්‍රයි කරන්න..මන් කියන්නෙ නෑ ඉතින්”

 

මුට කීවොත් නම් ඉතින් කියන පමාවට පඩිපෙළ වගේ ළමයි දුසිමක් විතර හදලා දෙයි.

 

“ඔයාට විහිලු.අම්මා ඒ කතාව කියලා ගියෙත් එච්චර හිත හොදකින් නෙවෙයි”

 

” තමුසෙ ඕවා හිතන්න ඕන නෑ අස්වි තව ටික දවසකින් ඕක අමතක වෙලා යයි.තමුසෙ ඉස්සරලා ඔය ඩිග්‍රි එක ඉවර කරනවකෝ.”

 

” ඒ උනාට අම්මලා කොච්චර ආසාවෙන්ද ඇත්තේ මාෂ්.මොනා උනත් අම්මලා පව්.එයාලා කියන එකෙත් ඇත්‍තක් තියෙනවා.අනික මන් පොඩි උනාට

ඔයත් නාකීනේ” මන් කීවේ කින්ඩියට.

 

” මොකද්ද කීවේ.” පොර ඇහුවෙ කොයි විදියට මාව කන්නද කියලා වගේ බලලා.

 

” ඇහුන දේ තමා කීවේ අන්කල්” මන් කීවේ දිවත් දික් කරලා.

 

මෙයාව අව්ස්සලා ගන්න ෆන් එක හරකෙක් කුලප්පු කරලාවත් ගන්න බෑ අප්පා.

 

” මොකෝ ඉතින් නාකියෙක්ව බැන්දේ” පොර ඇහුවෙ මූණ රතු කරන්.

 

” පව්නේ අනේ ඔයා සදාකාලික තනිකඩව හිටියොත්.පපුව වාවන්නෙ නෑ.ඒකයි බැන්දේ සත්තලනේ” මන් කීවෙ පපුවත් අතගගා.

 

” මේකි යකෝ” මාව අලුවෙන්න රවලා පොර ආයෙම ලැප් එකට එබුනා.

 

අනේ මන්දා මූ නම්.සතියෙ දවස් වලට උදේ රූ නෑ ඔෆිස් එකේ.වැඩ නැති දවස් වලට ඔෆිස් එක ගෙදරට ගෙනත් වැඩ.

 

ලැප් එකත් පොලේ ගහලා මූවත් පොලේ ගහලා මටත් ඔලුව හැරුන අතක යන්න හිතෙනෝ.
**********

” කේමි තමුසෙ එනවද නැද්ද” ශරූන් බෙරිහන් දුන්නෙ තාම මනමාලයා වගේ ලෑස්ති වෙන කේමියට.

 

ශරූන්ට දෙවනි නෑ කේමිය ලෑස්ති වෙන්න ගියාම.අයියයි මල්ලි තකට තක ස්ටයිල් කරන්න ගියාම.

 

අද අපේ ෆස්ට් ඇනිවසරි එක.ශරූන්ගෙ තාත්තා කට්ටියටම පොඩි පාටි එකක් ඇරේන්ජ් කරලා තිබ්බා.පොඩි කියන්නෙ ශරූන්ලගෙ අම්මයි තාත්තයි අපේ පව්ලේ කට්ටියයි තව යාලුවො කීප දෙනෙකුයි.

 

ලේසි නෑ.මේ මිස්ටර් සීරියස් එක්ක අව්රුද්දක් හිටියට දෙන්න ඕන හරි නම් මට සම්මානයක්.

 

ඩෙනිම ඇදලා සුදු ටී ෂර්ට් එකට උඩින් ලෙදර් ජැකට් එකක් දාලා නයික් ශූස් දෙකක් දාගෙන හිටපු කේමිය මාර හැන්ඩ්සම්.

 

ඒත් ඉතින් කේමිය සෙකන්ඩ් ශරූන්ගෙ හැන්ඩි ලුක් එක ළග.

 

කලු රතු කොටු ශර්ට් එකට කලු ඩෙනිම එක ටිම්බලෑන්ඩ් ශූස් දෙක දාලා හිටපු ශරූන් බදාගෙන ඉඹින්න හිතෙනවා.
*********

“අඩේ පට්ට කෑල්ල කව්ද බන් ඒ” මට එහා පැත්තෙ හිටපු
කේමිය හොටෙල් එකට ආපු අපෙ අක්කා දැකලා කියනවා.

 

“අහ් මගේ යාලුවෙක් “යන්න ආපු හිනාව නවත්තගෙන කීවා.සුදු පාට දිග ගව්මක් ඇදන් දිගම දිග කොණ්ඩෙ කඩලා දාලා හිටපු අක්කා අද සිරාවටම ලස්සනයි.

 

“අඩේ සෙට් කරලා දීපන්කො බන්.කැමති නම් අදම කසාද බදින්නවා ඕ යැස්” පොර උඩ පැන කියනවා.

 

“ඉන්නවකො මන් අහලා බලන්න”

 

“අඩේ අන්න කෙල්ල හිනා වෙවි අපි ඉන්න පැත්තට එනවා.වාවන්නෙ නෑ යකූ”

 

අක්කා අපි දිහාට ඇවිදන් ආවෙ මන් දිහා බලාගෙන.

 

මන් ළගටම ආව අක්කා මාව බදාගත්තේ හැමදාම වගේ හුරුපුරුදු ආදරෙන්.

 

“හැපි ඇනිවසරි චොකෝ.මගේ නංගි හැමදාම සතුටින් ඉන්න ඕන” මාව බදාගෙන එහෙම කියන අක්කා දිහා කේමිය ෆුල් හොල්මන් වෙලා බලන් ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වාගේ කියපුවා දිරවගන්න බැරිව.

 

“අක්කද බන්” මන් ඔලුව වැනුවෙ හිනාව නවත්තගන්න බැරිව.

 

“ඒ තමුසෙ නම් මහ.තව පොඩ්ඩෙන් මල මගුලක් වෙන්නෙ” කේමිය කීවෙ ඔරොප්පුවෙන්.මේ ඉතින් චොකෝගෙ හැටිනේ.කාව හරි බයිට් කරන්න තියේ නම් තව මොනාද.

 

එතකොටයි දැක්කෙ කව්ද මන්දා පාටියට ඇවිත් හිටපු මනුස්සයෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් ශරූන් මන් දිහා බල බල මට එකසිය ගානට රවනවා.

 

මට මොකෝ.මගෙ අතින් පයින් යනවයෑ මන් කේමිය එක්ක බොරුත් එක්ක කියවන්න ගත්තා.

බැදගත්ත බෙරේ ගහගෙන යමින්…

Share this post:

Related posts
විෂම සමාජේ 04
February 20, 2018
විෂම සමාජේ 03
February 14, 2018
විෂම සමාජේ 02
February 14, 2018
විෂම සමාජේ 1
February 11, 2018
මොන මගුලක්ද මන්දා අවසාන කොටස
February 9, 2018
මොන මගුලක්ද මන්දා 11
February 9, 2018
Leave Comment

Cancel reply

Your email address will not be published. Required fields are marked *

clear formSubmit

Gallery
View More
ආදරණිය මනාලි The Magazine for Brides and Grooms
Recent Posts
  • පතිකුලය රැකෙනු පිණිස
    April 8, 2018
  • Wedding Planning Sheet When there are 6 to 9 months more…
    March 11, 2018
  • Wedding Planning Sheet When there are 9 to 12 months more…
    March 11, 2018
  • පිහිතුඩක සිපගැන්ම
    March 11, 2018
  • විෂම සමාජේ 04
    February 20, 2018
© 2017 e bride.lk . All rights reserved. |